ශ්‍රී ලංකා ඩොමේන් නාම ලියාපදිංචි ආයතනය මගින් පවත්වනු ලබන Bestweb.lk තරඟාවලිය සඳහා ඇතුලත්වීමට .LK ඩොමේන් නාමයක් හා වෙබ් අඩවියක් හිමි ඔබට දැන් අවස්තාව උදාකර දී ඇත. 

  1.  මේ සඳහා ඇතුලත් වීමට bestweb.lk වෙබ් අඩවිය වෙත පිවිසී එහි ඇති Apply බොත්තම භාවිතා කරන්න.
  1. මෙමගින් ඔබව ඩොමේන් නාම කලමණාකරණය සඳහා .LK ලියාපදිංචි ආයතනය මගින් ලබාදී ඇති ගිණුම වෙත ගෙනයනු ඇත. ඔබගේ ඩොමේන් නාම කළමනාකරණ ගිණුමට අදාල තොරතුරු ඇතුලත් කර ඔබගේ ගිණුමට පිවිසෙන්න.
  1. ගිණුමට පිවිසුනු පසු එ​හි ප්‍රධාන පිටුවෙහි (Dashboard) ඇති රූපයේ ඇති පරි​දි Bestweb.lk තරඟයට ඇතුලත්වී​මේ කොටසෙහි Apply Now බොත්තම භාවිතා කර ලියාපදිංචි වීමේ පිටුවට පිවිසෙන්න.
  1. එයින් ලැබෙන පිටුවෙහි ඔබගේ ගිණුමෙහි ඔබ කළමණාකරණය කරන ඩොමේන් නාම අතරින් ඔබ තරඟයට ඇතුලත් කරන ඩොමේන් නාමය තෝරාගෙන ඊට ඉදිරියෙන් ඇති Request බොත්තම ඔබන්න.
  1. ලැබෙන පිටුවෙහි ඇති පහත කරුණු අනු​ව ඔබගේ අයදුම්පත පුරවන්න.
  1. පෝරමයට ඉහලින් දැක්වෙන ඔබගේ නම, e-Mail ලිපිනය හා දුරකතන අංකයට වෙන​ස් විස්තර තරඟයට ඇතුලත් වීමට භාවිතා කරන්නේනම් මෙය භාවිතා කර එම විස්තර ඇතුලත් කරන්න.නොඑසේනම් මෙය සලකුණු නොකරන්න.
  2. ඔබ තරඟය සඳහා වෙනස් තොරතුරු භාවිතා කිරීමට තෝරාගත් විට මෙම තීරුව දර්ශනය වේ. මෙහි ඔබ තරඟය සඳහා ඉදිරිපත් කරන ඔබගේ නම, e-Mail ලිපිනය හා දුරකතන අංකය ඇතුලත් කරන්න.
  3. මෙම තීරුවට ඔබගේ ඩොමේන් නාමයෙන් ඔබ ඉදිරිපත් කරන වෙබ් අඩවියේ ලිපිනය ඇතුලත් කරන්න.
  4. මෙහි ලබාදී ඇති ලැයිස්තුවෙන් ඔබගේ වෙබ් අඩවිය අයත් වන කාණ්ඩය තෝරාගන්න.( මෙම තරඟයේදී අංශ කිහිපයක් ඔස්සේ ජයග්‍රාහකයින් තෝරාගන්නා බැවින් ඔබගේ වෙබ් අඩවිය අදාල වන කාණ්ඩය නිවැරදිව තෝරාගැනීම වැදගත් වේ.)
  5. මෙම තීරුවෙහි ඔබගේ වෙබ් අඩවිය පිළිබඳ කෙටි හැදින්වීමක් ඇතුලත් කරන්න.(වෙබ් අඩවියේ භාවිතය, විශේෂාංග/ප්‍රතිලා​භ, නිර්මාණයට භාවිතා කල තාක්ෂණයන්, ඉලක්කගත පිරිස සහ දිනුම ඔබේ වෙබ් අඩවිය වෙනුවෙන් ලැබිය යුතු හේතුව ආදී කරුණු ඇතුලත් කරන්න)
  6. මෙම තීරුවෙන් ඔබව මෙම තරඟය පිලිබඳ දැනුවත් කල ඇතුලත් කල යුතුය. මේ සඳහා ServerClub.lk (Pvt) Ltd යන අපගේ ප්‍රධාන ආයතන නාමය හෝ SriLanka Hosting Service යන අපගේ සේවා නාමය ඇතුලත් කරන්න.
  7. මෙහිදී ඔබ ඩොමේන් නාම ලියාපදිංචි ආයතනයට ඔබගේ වෙබ් අඩවියට පිවිසීමට සහ ඔවුන්ගේ කොන්දේසි සඳහා එකග විය යුතුය.
  8. සියල්ල පුරවා අවසන් වූ පසු මෙම බොත්තම මගින් ඔබගේ තොරතුරු තහවුරු කරන්න.

විශේෂ: ඔබ ඔබගේ වෙබ් අඩවිය වෙනුවෙන් සමාජ ජාල හා වෙනත් වෙබ් අඩවි (ebay.com,booking.com) ගිණුම් පවත්වාගෙන යන්නේනම් මෙහි දැක්වෙන Web Presence කොටසෙහි එම එක් සමාජ ජාල ගිණුමක හෝ පිටුවක ලිපිනයක් හා වෙනත් වෙබ් අඩවි ගිණුම් ඇත්තේනම් එහි ලිපිනයක් ඇතුලත් කරන්න.(අත්‍යාවශ්‍ය නොවේ)

එසේම ඔබ වෙබ් අඩවි නිර්මාණකරුවෙක්නම් මෙහි ඇති Website Designer යන්න සලකුණු කරන්න.(අත්‍යාවශ්‍ය නොවේ)